රජයේ පාසල්වල තුන්වැනි වාරය අද සිට ආරම්භවේ . . .

රජයේ පාසල්වල මේ වසරේ තුන්වැනි වාරය අද (05) සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව තුන්වැනි වාරය අද (05) සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

තුන්වැනි වාරය අතරමඟදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2023 විභාගය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ජනවාරි මාසයේදි පාසල් දරුවන්ට නිවාඩුවක් ලබාදීමට නියමිතයි.

අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චාල්ස් රජුගේ රාජාභිෂේකය සදහා නවීකරණයවන ඔටුන්න . . .

Mon Dec 5 , 2022
ලබන වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එළිසබෙත් රැජිණ පැළඳවූ කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකින්හැම් මාළිගය නිවේදනය කරනවා. මෙය හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වර්ඩ් කිරුළ ලෙසයි. රාජකීය සම්ප්‍රදායට අනුව බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේදී මෙම ඓතිහාසික කිරුළ පැළඳවීම සිදුකරනු ලබනවා. ඔටුන්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x