පොල් ගෙඩියක මිල රුපියල් 300/= . . .

පොල් ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 100කට ද, මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 175ත් 200ත් අතර මිලකට ද, ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 250ට ද අලෙවි කෙරෙමින් ඇත. ඇතැම් වෙළෙන්දෝ ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 300කට ද විකුණන බව මේ පිළිබඳ අදහස් දැක්වූ පාරිභෝගික පිරිස් පැවසූහ.

පොල් මිල ඉහළ යාමත් සමග ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි පාරිභෝගිකයන් වෙනුවෙන් පොල් බිඳ පොල් බෑ අලෙවි කිරීමට මේ වනවිට ඇතැම් වෙළෙන්දෝ කටයුතු කරමින් සිටිති. විශේෂයෙන් වෙළඳපොලේ පොල් හිගයක් පැවතීම පොල් මිල ඉහළ යාමට හේතුව බවත් පොල් හිඟය නිසාම වගාකරුවන් තමන් සතු ඵලදාව වැඩි මිලට අලෙවි කරන බවත් වෙළෙඳපල ආරංචි මාර්ග කියයි.

පොල් පොහොර හිඟය නිසා පොල් වගාවට කලට වේලාවට පොහොර යෙදීමට නොහැකි වීම ඵලදාව අඩු වීමට හේතු වී ඇතැයි පෙන්වා දෙන වගාකරුවෝ මෙවර පොල් ඵලදාවේ ගෙඩි ද කුඩා වූ බව කියා සිටිති.

මේ අතර මීට ඉහත පොල් මිල ඉහළ ගිය අවස්ථාවේ පාරිභෝගික සේවා අධිකාරිය පොල්වල වට ප්‍රමාණය අනුව පාලන මිලක් 2020 දී ක්‍රියාත්මක කර පසුව පාලන මිල ඉවත් කළේය.

  • lankasara
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිවේග මාර්ගයේ රෝදය පිපිරී ලොරි රථයක් පෙරළේ . . .

Thu Dec 15 , 2022
බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී කුරුඳු දර පටවාගෙන දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් කරමින් තිබු ලොරි රථයක් පෙරළී යාමෙන් එම ලොරි රථයට දැඩි අලාභ හානි  සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරනවා. මාතර, මිද්දෙනිය ප්‍රදේශයේ සිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ආයතනයකට කුරුඳු දර රැගෙන එමින් සිටියදී එම ලොරි රථයේ දකුණු පස පිටුපස රෝදය පිපිරීයාමත් එම ලොරිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x