පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කරලා . . .

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක පැවසිය.

කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක ඒ බැව් කියා සිටියේ පැපරල් සංවිධානය විසින් (27) දින නුවරඑලිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබු මැතිවරණ නිරික්ෂකයන්ගේ කාර්ය භාරය යන මැයෙන් නුවරඑලිය ප්‍රදේශයේ මැතිවරණ නිරික්ෂකයන් , සිවිල් සංවිධාන ප්‍රධානින් , නුවරඑලිය ප්‍රදේශයේ තරුණ ප්‍රජාව දැනුවත් කිරිම සදහා පැවති සම්මන්ත්‍රණයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක කියා සිටියේ,

පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රිවරුන් දන්නවා පළාත් පාලන මැතිවරණය මාර්තු මස 19 දිනට පෙර අවසන් කල යුතුයි කියලා , ඒ නිසා මහින්දානන්ද  කියන්න ඇති මැතිවරණය පවත්වනවා කියලා , ඒ සදහා අවශ්‍ය කටයුතු අනිවාර්යෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඉටු කරනවා. 2012 සිමා නිර්ණ කොමිසමක් පත් කරලා ඒක අවුරුදු තුනක් ගිහිල්ලා , අශෝක පිරිස් යටතේ අවුරුදු දෙකක් සමාලෝඡනය කරලා තමයි 8700 කියන එක ආවේ. ඒ 8700 පදනම් කරගෙන තමයි 2018 පළාත් පාලන මැතිවරණය තිබ්බේ, අවුරුදු අවසන් වුණා පසුගිය අවුරුද්දේ , අමාත්‍යවරයාගේ බලතල පරිදි අවුරුද්දකින් කල් දැම්මා. මේ වන විට වලංගු නිතිය 2017 අංක 16 පළාත් පාලන පනත , කොට්ඨාශ මට්ටමින් සහ අතිරේක ලැයිස්තු වලින් පත් කල යුතු සභිකයින් සංඛ්‍යාව තියෙනවා. ක තමයි දැනට පවතින නිතිය , එම නිතිය ක්‍රියාත්මක කිරිම තමයි අපිට බල පැවැත්වෙලා තියෙන රාජකාරිය.

ඉතිහාසයේ කවදාවත් ජනතාවගේ මනසක් තිබිලද මැතිවරණයක් තිබුණේ ? යුද්ධය තිබුණ කාලයේ සහ කොවිඩ් සමයේ මැතිවරණ පැවැත්වුවා. මැතිවරණ කොමිසම සිදු කරන්නේ පැවරිලා තියෙන රාජකාරිය පමණයි, අපිට පැවරිලා නැති දේවල් සම්බන්ධයෙන් අපිට අර්ථ කථනය කරන්න බැ.

ඕනැම වසරක මැතිවරණයක් පැවැත්වෙනවා නම් ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන අපි ඉල්ලනවා පවතින රජයෙන්. 2022 අපි ඉල්ලලා තිබුණා බිලියන 10 ක් , 2023 බිලියන 11 අපි ඉල්ලුවා , බිලියන 10 ක් 2023 අයවැය මගින් මැතිවරණය සදහා වෙන් කරලා තිබුණා. මැතිවරණය සදහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ , මුදල් නොදෙන කතාවක් අපිට කියලා නැ. ප්‍රජාතන්ත්‍රවාදි රටක ජනතා පරමාධිපත්‍යට මුල් තැන ලබාදිම රජය සතු රාජකාරියක්.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වසරේ අවසාන සතියේ නාම යෝජනා භාර ගැනිමේ දිනයක් ගැසට් කරනවා කියලා තිබුණා යනුවෙන් පැවසිය.

මෙම සම්මන්ත්‍රණයට පැපරල් සංවිධානයේ ජාතික සම්බන්ධිකාරක සුජිව ගයනාත්ද සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිල ඉහළ නොදැම්මහොත් දීර්ඝ විදුලි කප්පාදුවක් . . .

Tue Dec 27 , 2022
මෙරටට අවශ්‍ය ගල් අඟුරු ආනයනය ද අදාළ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමක හා එහි දේශීය නියෝජිතයාට ලබාදීමට නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි. ඇතැම් පාර්ශවයන් පවසන පරිදි කිසිසේත්ම පැය ගණනාවක විදුලි කප්පාදුවක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු අවශ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x