මග නැගුම සභාපතිවරයාට කිරිබත්, කැවුම් ප්‍රහාරයක් . . .

පෑලියගොඩ පිහිටි මග නැගුම ව්‍යාපෘති කාර්යාලයේ නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට ගිය එම ආයතනයේ සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට එහි සේවකයන් විසින් කිරිබත්, කැවුම් හා කැවිලි වර්ගවලින් ඊයේ (02) පහරදී තිබේ.

මග නැගුම සභාපතිවරයාත්, විධායක අධ්‍යක්ෂවරයාත් මේ හේතුවෙන් මගනැගුම කාර්යාලයේ කුටියක් තුළ පැය දෙකක කාලයක් සිරවී සිටි බවත් පෑලියගොඩ පොලිසියේ මැදිහත්වීම මත ඔවුන්ව එම කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කර තිබෙන බවත් මගනැගුම කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මගනැගුම ව්‍යාපෘති සඳහා බඳවා ගත් සේවකයන් හතළිහක පමණ පිරිසක් අත්තනෝමතික අන්දමින් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වීමත්, සේවකයන්ට ලබාදී ඇති නිල නිවාසවලින් සේවකයන්ව ඉවත් කිරීමට යාමත්, එම නිල නිවාසවලට එන අසීමිත විදුලි හා ජල බිල්පත්වලටත් පාලනාධිකාරියේ සිටින මෙම නිලධාරින් දෙපළම වගකිව යුතු බවත් කියමින් සේවකයන් මෙම කිරිබත් හා කැවුම් ප්‍රහාරය එල්ලකර ඇත.

මෙම කාර්යාලයේ සේවකයන් දැඩි විරෝධය පලකිරීම නිසා ඊයේ උදෑසන සංවිධාන කර තිබූ අලුත් අවුරුදු සාදය නොපැවැත්වුණු අතර සේවකයන් විසින් ඉතිරි වී තිබූ කිරිබත් හා කැවිලි වර්ග අනුභව කරමින් ඔවුන් ඔවුන් අතරේ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක්කරගෙන තිබිණි.

එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 සහ 49 යන වයස්වල පසුවන්නන් බවයි.

එක් සැකකරුවෙකු මග නැගුම සේවක සංගමයේ සභාපතිවරයා වන අතර අනෙක් සැකකරු එම සංගමයේම කමිටු සාමාජිකයෙකි.

– Repoter

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නීතිපති දෙපාර්තමේන්තුවට හිසරදයක් වී ඇති DIG . . .

Tue Jan 3 , 2023
පොලිස්පති පුටුවට තරග කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ තමාට විරුද්ධව තිබෙන චෝදනා ඉවත් කර දෙන ලෙස බැගෑපත් වීම එහි නිලධාරීන්ට හිසරදයක් වී ඇතැයි නීතිපති දෙපාර්තමෙන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. සතියකට කිහිපවරක් පැමිණෙන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන්ටද ආචාර කරන බව පැවසේ. අවස්ථා කිහිපයකදී නීතිපති දෙපාර්තමේන්තුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x