ජනාධිපති නීතියටයි, ව්‍යවස්ථාවටයි උඩින් ගිහිල්ලා . . .

ජනාධිපතිවරයා සර්වබලධාරියා වී මැතිවරණ අයිතිය උල්ලංඝනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වන වැදගත්ම ආයතනය ලෙස පළාත් පාලන ආයතනය හැඳින්විය හැකි බවත් මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවී එයද විධායකයේ හස්තයක්ව පවතින අවස්ථාවක පළාත් පාලන මැතිවරණය ද නොපැවැත්වීම මෙරට මූලික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විනාශ කිරීමක් ලෙස තමා දකින බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මැතිවරණය කල් දැමීමට සහ ජීවන වියදම ඉහළ දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවේ පැවැති විවාදය අතරතුරය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගණුදෙනුකරුවන්ගෙන් ණය පියවා ගැනීම ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක් . . .

Thu Mar 9 , 2023
මහ බැංකුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, දීර්ඝ කාලීන ණය නොගෙවීම මූල්‍ය අංශය මත මෙන්ම ගණුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කරන බැවින් අදාළ ආයතන සමඟ එකඟ වූ සැලැස්ම පරිදි ණය ගෙවීම ගණුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන බවයි. ඒ, සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x