නිල් චිත්‍රපට නිළියක සමග කළ ගනුදෙනුවකට ට්‍රම්ප්ට මාංචු . . .

හිටපු අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා බවට අපේක්ෂා කරන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහුගේ සමාජ මාධ්‍යවල සටහනක් තබමින් එවැනි පියවරකට විරෝධය පළ කරන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත.

මාධ්‍ය වාර්තා වලට සහ හිටපු ජනාධිපතිවරයා ලබාදෙන ප්‍රකාශය මත පදනම්ව ඔහුට අධිචෝදනා ගොනු කළ හැකි බව ඔහුගේ නීතීඥයෙකු පවසා ඇත. එසේ අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව පනවන පළමු අපරාධ නඩුව වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 ජනාධිපතිවරණයට පෙර හිටපු අසභ්‍ය චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ට්‍රම්ප් මුදල් ගෙවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිව්යෝර්ක් හි අධිකරණ නිලධාරීන් වසර පහක් තිස්සේ විමර්ශනය කරමින් සිටින බව ය. 2016 මැතිවරණයට පෙර ට්‍රම්ප්ගේ හිටපු නීතිවේදී මයිකල් කොහෙන් විසින් ඇයට ඩොලර් 130,000 ගෙවා පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් නිහඬ වන ලෙස දන්වා ඇති බව ස්ටෝමි ඩැනියෙල්ස් පවසයි.

සිය සමාජ ජාල වෙබ් අඩවිය වන Truth Social හි ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ Manhattan දිස්ත්‍රික් නීතිපති කාර්යාලයෙන් ලැබුණු ආරංචි මාර්ගවලට අනුව අඟහරුවාදා ඔහුව අත්අඩංගුවට ගන්නා බවට පෙනීයන බව ය.

දිස්ත්‍රික් නීතීඥ කාර්යාලය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති අතර ට්‍රම්ප් මහතාගේ නීතීඥ සුසාන් නෙචෙල්ස් සඳහන් කළේ මෙය දේශපාලන නඩු පැවරීමක් බැවින්, දිස්ත්‍රික් නීතිපති කාර්යාලය සාමාන්‍ය නඩුවකදී සිදු කරන ආකාරයට ජනාධිපති ට්‍රම්ප්ගේ නීතිඥයින් සමඟ සන්නිවේදනය කරනවාට වඩා සියල්ල පුවත්පත්වලට ලබාදෙන බව ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රසන්න මානව හිමිකම් කොමිසම ගැන අසතුටින් . . .

Mon Mar 20 , 2023
2022 වසරේ මැයි මස 9 වන දා උඩුගම්පළ පිහිටි තම නිවස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල ගැන විමර්ශනය ප්‍රමාද වීම පිළිබඳව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ. අමාත්‍යවරයා පසුගිය 16 වන දා මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x