OIC ලාට වීඩියෝ තහනමක් . . .

පොලිස් නිලධාරීන් විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් පිළිබඳ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම, ප්‍රචාරය කිරීම තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් කර ඇත.

සිය දරුවා දුම්රියක අතහැර දමා යෑමේ සිද්ධියට සම්බන්ධ මව අත්අඩංගුවට ගෙන ඇයගෙන් ප්‍රශ්න කරන ආකාරය අදාළ වීඩියෝ දර්ශන බණ්ඩාරවෙල පොලිසිය මගින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස්පතිවරයා මෙම නියෝගය කර ඇත.

සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් පසු එම සැකකරු අපහසුතාවට පත්වන බවත් වැටලීම් මෙහෙයුම්වලට අදාළ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම නිසා එම මෙහෙයුම්වලට බාධාවක් වන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

පොලිසිය මගින් සිදුකරන වැටලීම් මෙහෙයුම් සඳහා මාධ්‍ය කණ්ඩායම් රැගෙන යෑම ද නතර කරන ලෙස පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය කියා සිටියි.

  • නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජීවන වියදමට එරෙහිව සජිත් පාරට බහී . . .

Sun Mar 19 , 2023
ඉහළ යන ජීවන වියදමට එරෙහිව කොටිකාවත්ත කොහිලවත්ත මංසන්ධියේදී පැවැති විරෝධතාවයකට විපක්ෂනායක සජිත් ප්‍රේමදාසද ඊයේ එක්ව සිටියේය. එස්.එම්. මරික්කාර් මෙය සංවිධාන කොට තිබිණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x