බණ්ඩාරවෙල නාය යාමෙන් 220 දෙනෙක් අවතැන් වෙති . . .

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, කබරගල ප්‍රදේශයේ ඊයේ (මාර්තු 19) දින රාත්‍රි 09.30 ට පමණ සිදුවූ නාය යාමෙන් පවුල් 62 කට අයත් පුද්ගලයන් 220ක් පමණ බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පොලිසිය සඳහන් කළේ, අවතැන් වූ පිරිස මේ වන විට තාවකාලිකව පුනාගල පහළ කොටසේ විද්‍යාලයේ රඳවා ඇති බව ය. නාය යාමෙන් තුවාල ලැබූවන් 5 දෙනෙකු රෝහල්ගත කිරීමට ද පියවර ගෙන ඇති අතර ඔවුන් කොස්ලන්ද මූලික රෝහලට සහ දියතලාව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.

මෙම නාය යාමෙන් නිවාස තුනක් සහ වෙළෙඳසැලක් සම්පූර්ණයෙන් ම හානියට පත්ව ඇති අතර තවත් නිවාස 20ට ආර්ධ හානි සිදුව ඇත.

මෙම ස්ථානය වෙත පොලිස් කණ්ඩායම් තුනක් හා හමුදා භට පිරිස් එම අවස්ථාවේ දීම පිටත් කර ආපදාවට ලක්වූ පිරිස් බේරා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙහෙකාරිය ස්වාමියාගේ බැංකු කාඩ් පතෙන් ලක්ෂ 50ක් ඇදලා . . .

Mon Mar 20 , 2023
අසනීපව රෝහල් ගතවූ විශ්‍රාමික බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත්   මෙහෙකාරිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර මෙහෙකාරියගේ දියණිය සහ බෑණා ද වන බව පොලිසිය කියයි. තමන් අසනීපව රෝහල්ගතව සිටින අවස්ථාවේදී  ඇති වූ මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x