පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිනි ගනී . . .

දකුණු පිලිපීනයේ මගීන් රැගෙන යමින් සිටි යාත්‍රාවක ඇති වූ ගින්නකින් 31 දෙනෙකු දියේ ගිලී හෝ ගින්නට හසු වී ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දුන්නේ, අදාළ යාත්‍රාවේ ගමන් කරමින් සිටි පිරිසෙන් 230 දෙනෙකු මුදා ගෙන ඇති බව ය.

Lady Mary Joy 3 නමැති එම මගී යාත්‍රාව මින්දනාඕ දූපතේ සැම්බෝන්ගා නගරයේ සිට සුලු පළාතේ ජොලෝ දූපත දක්වා ගමන් කරමින් සිටියදී බදාදා (මාර්තු 29) රාත්‍රියේදී ගින්න හටගෙන තිබේ. පිලිපීන වෙරළාරක්ෂක බළකාය සහ ධීවරයින් ඇතුළු ගැලවුම්කරුවන් විසින් මගීන් 195 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 35 දෙනෙකු මුදා ගනු ලැබ ඇත.

මිය ගිය පිරිස අතර මාස 6ක දරුවෙකු ඇතුළුව අවම වශයෙන් දරුවන් තිදෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බලධාරීන් සඳහන් කර ඇත්තේ, 14 දෙනෙකු තුවාල ලබා ඇති බව ත් 7 දෙනෙකු අතුරුදන් වී ඇති බව ත් ය.

මගී නම් ලැයිස්තුවේ සටහන් 205 දෙනාට අමතරව තවත් මගීන් යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇති අතර ඒ හේතුවෙන් අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගින්න ඇති වූ ආකාරය තවමත් අපැහැදිලි බව ය.

  • Tharaka Samman

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බේරුවල මුහුදේ භූ චලනයක් . . .

Thu Mar 30 , 2023
අද (30) දහවල් වාර්තා වූ භූ චලනය පිළිබඳ අවදානමක් නොමැති වුවත් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි. අද දහවල් 1.02 ට පමණ බේරුවල මුහුදේ කිලෝමීටර් 24ක් පමණ දුරින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජ්‍යෙෂ්ඨ භූකම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන සඳහන් කළේ,  “මෙම චලනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x