අනතුරුදායක කොටුව ගුවන් පාලම . . .

විශාල පිරිසක් එහා මෙහා ගමන් කරන කොටුව ගුවන් පාලම මේ වනවිට ස්ථාන කිහිපයකින් ම දිරාපත්ව ඇති අයුරු දැකගත හැකිය.

පාලම පිළිබඳව, අවට ව්‍යාපාරිකයින් කොළඹ මහ නගර සභාව දැනුවත් කර ඇතත්, ඔවුන් අවස්ථා කිහිපයකින් පැමිණ එම ස්ථාන ලකුණු කරගෙන ගොස් ඇති බව වාර්තා වනවා. එලෙස සිදු කළ නමුත්, මේ වන තෙක් පාලම අලුත්වැඩියා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වෙළෙඳුන් චෝදනා කරති. වෙළෙඳුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොටුව ප්‍රදේශයේ උද්ඝෝෂණ පවතින අවස්ථාවන්වලදී පාලම මතට විශාල පිරිසක් ගොඩවන බවය.

මාරක අනතුරක් සිදුවීමට පෙර පාලම අලුත්වැඩියා කරදෙන ලෙස ද එම ප්‍රදේශයේ වෙළෙඳුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. පාලම යට හා උඩ විශාල පිරිසක් වෙළෙඳාම් කටයුතු පවත්වන අතර, කොටුව දුම්රිය පොළට පැමිණෙන විශාල පිරිසක් ද පාලම භාවිත කරමින් නිරන්තරයෙන් එහි ගැවසෙනු ඇත.

එවන් අවස්ථාවක සිදුවිය හැකි අනතුරක් නොසලකා සිටියහොත් එය මහා විපතක් බව ද වෙළෙඳුන් පැවසීය. “පාලම කැඩිලා තියෙන්නේ, මෙතැන ඔක්කෝම දිරලා. දැන් ගොඩක් කල් ඉඳලා. කට්ටිය ලියාගෙන යනවා විතරයි ඒකට මුකුත් නෑ. අපි මෙතැන වෙළෙඳාම් කරනවා. කොයිවෙලේ මේවා වෙයි ද කියලා කියන්න බෑ…”

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයක . . .

Mon Apr 17 , 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි. සිසුන් දෙලක්ෂ හැත්තෑ දහසකට වැඩි පිරිසක් උසස් පෙළ විභාගය පෙනී සිටි අතර, මේ දක්වාම උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නැත. සිසුන් ලක්ෂ 5 කට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x