නගර සභාවට උල් පිහියක් රැගෙන ආ මන්ත්‍රීවරයා . . .

බළන්ගොඩ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් මාසික සභා රැස්වීමට රම්බෝ වර්ගයේ උල් පිහියක් රැගෙන ප්‍රදර්ශනය කිරීමෙන් නොසන්සුන් තාවයක් ඇතිවී තිබේ. ඊයේ (13) දින පැවති එම නගර සභාවේ මාසික රැස්වීම නගරාධිපති වසන්ත කුමාර ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත ඊට සහභාගි වූ අදාළ මන්ත්‍රීවරයා තම සරමට යටින් කකුලේ ගසා තිබූ උල් පිහිය සභාවට ප්‍රදර්ශනය කර ඇත. එම අවස්ථාවේ වෙනත් මන්ත්‍රීවරයකු ඔහුගෙන් පිහිය ඉල්ලාගෙන සන්සුන් කර තිබේ.

මන්ත‍්‍රීවරයා පිටව ගිය පසු අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් සභාවට අවිආයුධ රැගෙන පැමිණීම තම ජීවිතවලට මහත් තර්ජනයක් බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ට අලුත් ඇඳුමක් . . .

Wed Sep 14 , 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහට නව ඇදුමක් අන්දවන ආකාරය දැක්වෙන ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. මෙසේ වික්‍රමසිංහට නව ඇදුමක් අන්දවන්නේ ප්‍රකට ඇගලුම් ආයතනයක් වන හමීඩියා ආයතනයේ ප්‍රධානී ෆවුසුල් හමීඩ්ය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x