රාජාංගණය – අංගමුව – උඩවලව වාන් දොරටු අරී . . .

අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණ, අංගමුව හා උඩවළව ජලාශවල වාන් දොර‍ටු විවෘත කර තිබේ.

ඉකුත් දා ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 8 දක්වා වැඩි කර තිබේ. ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වැඩි වතුර තප්පරේට ඝන අඩි 10850ක් කලාඔයට මුදා හරිනු ලබයි.

අයහපත් කාලගුණය හේතුවෙන් අංගමුව ජලාශයේද වාන් දොරටු 2 අඩි හයක් උසට විවෘත කර ඇති බවත්ද ඉංජිනේරුවරයා පැවසීය. එයින් තප්පරේට ඝන අඩි 4100ක් ලුණු ඔයට මුදා හරින බව ද එතුමා පැවසීය.

රාජාංගනය හා අංගමුව ජලාශ ආශ්‍රිතව පහත් බිම් වල සිටින ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස ද රාජාංගනය හා අංගමුව ජලාශ බාර වාරි ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.

උඩවලව ජලාශෙයේ ජලමට්ටම ඉහළ යෑම හේතුවෙන් ජලාශයේ වාන් දොරටු තුනක් විවෘර්ත කළ බව මහවැලි අධිකාරියේ ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවැසිය.

  • තලාව සමූහ – ධර්මකීර්ති
    අනුරාධපුර සමූහ පර්සි කුරුනේරු
    තිස්සමහරාම සමූහ – ඒ. ඒ. පේමසිරි
    සූරියවැව සමූව – නුවන් ජයසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැටලීමට ගිය පොළිස් නිළධාරීන්ට ප්‍රහාර . . .

Mon Nov 6 , 2023
බුලත්සිංහල පහලවෙල්ගම ප්‍රදේශයේ ඊයේ (5) සවස නීති විරෝධී මත්පැන් වැටලිමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට සිදුකළ පහරදීමකින් එම නිලධාරින් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පහරදීමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බුලත්සිංහල පහළ වෙල්ගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x