චක්‍රලේඛවලට පටහැනිව 2019 ලංකා සතොස සේවකයින්ට බොනස් . . .

ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ  සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව  රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

ආයතනයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා ලෙස 2019 වර්ෂයේ ගෙවිය යුතු මුදල රුපියල් තුන්දාහක් වුවත් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් 25000 බැගින් ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ. ප්‍රසාද දීමනා ගෙවීමේදී 2003 ජුනි මස දෙවැනි දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 12 හි 6.5 ඡේදය අනුව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නියමිත දින විගණකාධිපතිට ඉදිරිපත් කර තිබිය යුතු වුවද වසරකුත් මාස හයක් ප්‍රමාද වී  ප්‍රකාශන ඉදිරිපත් කර තිබියදී චක්‍රලේඛ වලට පටහැනිව මෙම ප්‍රසාද දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් සඳහා ගෙවිය යුතු වෘත්තිය දීමනාව ප්‍රමාණය ඉක්මවා වැඩිපුර ගෙවා ඇති බවත් එලෙස වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් හය ලක්ෂ තිස් දහසක් බවත්  විගණන  නිලධාරීහු පෙන්වා දෙති.
ලංකා සතොස ආයතනයේ උසස් නිලධාරීන් හත් දෙනකු වෙනුවෙන්  භාණ්ඩාගාර අනුමැතියකින් තොරව 2018 වර්ෂයේදී  පනස් එක් ලක්ෂයක්ද 2019 වර්ෂයේදී නිලධාරීන් නව දෙනෙකු වෙනුවෙන් ලක්ෂ 45 ක්ද ගෙවා ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව  ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සඳහා ගෙවිය හැකි මාසික දීමනාව පිළිවෙලින් රුපියල් අනූපන් දහසක් සහ අනූ දහසක්  වශයෙන් අනුමත කර තිබුණද අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ප්‍රධාන විධායක නිලධාරී සඳහා රුපියල් දෙලක්ෂ පනස් දහසක මාසික දීමනාවක්ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්  සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව එක් ලක්ෂ පනස් දහසක මාසික දීමනාවක්ද  ගෙවා තිබු බව  විගණන  කාර්යාලය පවසයි.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාලෙකට පසු අභයාරාමයට ආ මහින්ද . . .

Mon Mar 27 , 2023
හිටපු ජනාධිපති අද පෙරවරුවේ නාරාහේන්පිට අභායාරාමෙට පැමිණියේය. ඒ මහතා එහිදී කියා සිටියේ මැතිවරණය දෙසැම්බර් මාසයේදී පැවැත්වෙනු ඇති බවකි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x