ලියාපදිංචි ගුවන් විදුලි නාලිකා 51 සහ රූපවාහිනි නාලිකා 25 රටතුළ පවති . . .

ගුවන් විදුලි සහ රූපවාහිනී සඳහා වඩාත් විනිවිද පෙනෙන ආකාරයෙන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම් පතේ බොහෝ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ලියාපදිංචි කළ රූපවාහිනි නාලිකා 25 ක් හා ගුවන් විදුලි නාලිකා 51 ක් රටතුළ පවතින අතර ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකා වලට බලපත්‍ර ලබාදීම් සම්බන්ධයෙන් අවධානය ‍ යොමුකිරීමේදී බරපතල විෂමතාවයන් දක්නට ලැබෙන බවද ඇමතිවරයා පැවසීය. කිසිඳු විධිමත් හා ක්‍රමවත් බවක් නොමැතිව බලපත්‍ර ලබාදුන් නාලිකා තිබෙන අතර මේවා කිසිවකට “අපි කව්රුත් වග උත්තර කරුවන් නොවන “ බවද ඇමතිවරයා පැවසීය.

ඒ ඒ මොහොතේ ඇතිවූ තත්ත්වයන් අනුව බලපත්‍ර ලබාදීම් සිදුවී ඇති අතර එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.

– Media unit

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජැක්සන් ඇන්තනී යළි සිනමාවෙන් නැගිටී . . .

Thu Apr 27 , 2023
සයිමන් නවගත්තේගම ශුරීන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ නවකතාවේ සිනමාපටය එළඹෙන මැයි 18 සිට දිවයින පුරා තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්. මේ ඔහුගේ සිනමා දිවියේ විසිපස්වන සිනමා පටයි. සයිමන් නවගත්තේගම රචිත “ක්ෂීර සාගරය කැළඹිණ” නැමැති නවකතාව අනුසාරයෙන් මෙහි තිර පිටපත රචනා කොට තිබෙන නමුත්, චිත්‍රපටය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x