මාරාන්තික කැස්ස පැණියක් හමුවෙයි . . .

ඉන්දියාවේ නිෂ්පාදිත විෂකාරක අඩංගු කැස්ස පැණි බෝතල් තොගයක් ඕෂනියා රාජ්‍යයක් වන මාෂල් දූපත් සමූහයෙන් සහ මයික්‍රොනීසියා රාජ්‍යයෙන් හමුවී ඇති බව වාර්තා වනවා.

Guaifenesin TG නමැති මෙම කැස්ස පැණි සාම්පල පරීක්ෂා කිරීමේදී එහි අනුමත කළ නොහැකි ඩයිත්ලේන් ග්ලයිකෝල් සහ එතිලේන් ග්ලයිකෝල් විෂකාරක තිබූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ.

BBC පුවත් සේවය වාර්තා කළේ, අදාළ කැස්ස පැණිය පානය කිරීම හේතුවෙන් මේ දක්වා මිය ගිය සහ අසාධ්‍ය තත්ත්වයට පත්වූවන් පිළිබඳ කිසිඳු සඳහනක් නොකළද, එම විෂකාරක මාරාන්තික බවත්, පරිභෝජනය කිරීම අධිඅවදානම් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන බවයි.

ඉන්දියාවේ නිෂ්පාදිත වෙනත් කැස්ස පැණි වර්ග දෙකක් උස්බෙකිස්තානයේ සහ ගැම්බියාවේ ළමා මරණවලට හේතු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ද අවස්ථා දෙකකදී නිවේදනය කර තිබුණා.

මේ පිළිබඳ එම කැස්ස පැණි නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ පන්ජාබ් කේන්ද්‍ර කරගත් ඖෂධ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා BBC පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ අදාළ නිෂ්පාදන සඳහා අවශ්‍ය නියාමන අවසර ලැබීමෙන් පසු එම කැස්ස පැණි බෝතල් 18,346ක් කාම්බෝජයට අපනයනය කර ඇති බවයි.

එහෙත් එය මාෂල් දූපත් සමූහයට සහ මයික්‍රොනීසියා රාජ්‍යයට ලැබී ඇත්තේ කෙසේදැයි නොදන්නා බවත් ඖෂධ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ පිළිබඳ ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව ද BBC පුවත් සේවය වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ නිෂ්පාදනයේ ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳ එහි නිෂ්පාදකයා හෝ අලෙවිකරුවා කිසිඳු සහතිකයක් ලබා දී නොමැති බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Perera & Sons ව්‍යාපාරය . . .

Tue May 2 , 2023
වසර 1902 දී කේ.ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුලුස්සන විට තමාගේ මෙම සුළු ව්‍යාපාරය අනාගතයේදී ශ්‍රී ලංකාව පුරාම විසිරී තිබෙන ව්‍යාපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත. ඔහු පුලුස්සන ලද පාන් ඔහුගේ සහායක ඇන්තනී බාස්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x