කිව් ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අවධාරණය කළා. ඒ අනුව කිව් ආර් කේතය අහෝසි කිරීම හරහා වෙනදා මෙන් තමන්ට අවශ්‍ය තරම් ඉන්ධන ප්‍රමාණයක් හිතේ හැටියට ලබාගැනීමට හැකියාව ලැබේ.
මෙලෙස QR කේතය අහෝසි කිරීමට සමගාමීව ඉන්ධන මිල ගණන්ද පෙර පැවති මිල ගණන් වලට පාරීභෝගික ජනතාවට ලැබෙයිනම් එය විශාල අස්වැසිල්ලකි.
මේ අනුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කියා සිටියේ කිව් ආර් කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බවයි.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහත හෙලන බව එහි සභාපති මුදිත පීරිස් ඊයේ කියා සිටියා.
නව මිල ගණන් අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවයි මුදිත පීරිස් වැඩිදුරටත් කියා සිටියේ.
අවසන් වරට පසුගිය මස 4 වනදා ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් පහත දැමුණු අතර, ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 3738 කටයි.
ඊට අමතරව, කිලෝග්‍රෑම් 05 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1502 කට අලෙවි වන අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 700 කට අලෙවි වනවා.