වෛරස් උණ කොවිඩ් ප්‍රභේදයක් විය හැකි . . .

මේ දිනවල පැතිර යන වෛරස් උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ‘මව්බිම’ට ඊයේ (මැයි 3) පැවසීය.

සෑම ප්‍රදේශයක ම මේ වන විට පැතිර ඇති එම රෝගයේ ස්වභාවය හා කොවිඩ් රෝගයේ ව්‍යාප්තියේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේද ඇතිවිය හැකි බව ද හෙතෙම කීය. කොවිඩ් රෝගයේ ස්වභාවය වන්නේ, අලුත් ප්‍රභේද ඇති කරමින් රෝගය ව්‍යාප්ත කිරීම බවත් එහි නව ප්‍රභේද පිළිබඳව අපට නිසි අවබෝධයක් නොමැති බවත් ඔහු සඳහන් කළේ ය.

එවැනි නව ප්‍රභේද පිළිබඳ විශ්ලේෂණයක් සිදුකර එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට කාලයක් ගත වන බවත් ඉන්දුනීසියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි සෑම රටක ම වැඩිපුර කොවිඩ් රෝගීන් වාර්තා වෙන බව ත් ඔහු පැවසීය.

විශේෂයෙන් ම ඉන්ෆ්ලුවෙන්සා රෝගයත් කොවිඩ් රෝගය ව්‍යාප්තිය සිදුවෙන ආකාරයෙන් සිදුවන බැවින් මුව ආවරණයක් නිසි ලෙස පැළඳීම ඉතා ම වැදගත් බව ද හෙතෙම කීය.

පවතින වර්ෂාපතනය හමුවේ වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බවත් මෙම වෛරස් රෝගවල රෝග ලක්‍ෂණ එක හා සමාන බැවින් එකිනෙකට වෙන්කර හඳුනා ගැනීම ද අපහසු වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව ත් කොවිඩ් කාලයේ පිළිපදින ලද සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම ඒ අයුරින් ම අපි පිළිපැදීම අත්‍යවශ්‍ය බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන අභාවප්‍රාප්තවේ . . .

Thu May 4 , 2023
ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන අද (4) අභාවප්‍රාප්ත විය. කළා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙක් වන ගුණවර්ධන කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය. දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාවක හෙට (5) පෙරවරු 8.30 සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x