පහත්බිම් රැසක් ජලයෙන් යටවේ . . .

දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) පස්වරුවේ පැවසීය.

ගාල්ල, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රිකකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පසුගිය පැය 24 තුළ අධික වාර්ෂාවක් ලැබී ඇති බවත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට මිලිටීටර 100 අධික වැසි ලැබී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශයෙක් කීය.

කොළඹ නගර ඇතුළු ප්‍රදේශ කීපයකට අද (14) දිනයේ ද විටින් විට වැසි ලැබුණු බවත් සෙසු ප්‍රදේශවලට ද මඳ වැසි ලැබී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීමෙන් සහ ජලාශවල ජල මට්ටම් ඉහළ යෑමෙන් අවදානම් තත්වයකට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් කීය. අධික වර්ෂාව හේතුවෙන් හක්මන, වලස්මුල්ල සහ වරාපිටිය ප්‍රදේශවල ප්‍රධාන මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

වලස්මුල්ල මාතර මාර්ගය නතුවල හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ  අද අළුයම් කාලයේ සිට ජලයෙන් යටවී ඇති අතර වරාපිටිය වැව වාන් දැමීම හේතුවෙන් ඌරුබොක්ක කිරම මාර්ගය සහ වරාපිටිය සිතුම්ගල්ලෙන මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා ඇති විය.

මෙයට අමතරව දෙනගම මුලටියන මාර්ගය දෙයියන්දර ප්‍රදේශයෙන් සහ මුලටියන කඹුරුපිටිය මාර්ගය මාකදුර ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එම මාර්ගවල ද රථවාහන ධාවනයට බාධා එල්ලවි ඇති අයුරු දක්නට ලැබිණි.

මාතර රොටුඹ අඳලුවේ දී 35 හැවිරිදි පුද්ගලයකු ජලයේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇත.

  • යොහාන් භාසුර, ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ දෙනගම යසන්ත ආරියසේන
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගිනි නිවීමේ රථ 45ක් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට . . .

Sun May 14 , 2023
කැලණිය, තොරණ හන්දියේ සිට ගිනි නිවීමේ රථ 45ක් අද (14) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත පැමිණ තිබුණි. එම ගිනි නිවීමේ රථ පෑලියගොඩ පිවිසුමෙන් කටුනායක- කොළඹ අධිවේගී මාර්ගය හරහා ගමන් ගෙන නිදහස් චතුරස්‍ර පරිශ්‍රය දක්වා පැමිණ තිබුණේ, “ජාත්‍යන්තර ගිනිනිවීමේ භට දිනය” වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවය වෙනුවෙනි. මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙම දිනය සැමරීමක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x