මහින්ද අගමැති කරන්න දිනේෂ්ට අස්වෙන්න කියයි . . .

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට යෝජනා කර ඇති බව ඉහළ දේශපාන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ පාර්ශවයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

අග‍්‍රාමාත්‍ය ධුරයේ මහින්ද රාජපක්ෂ  නැවත පත් කිරීම සඳහා අවස්ථාව සලසා දෙමින් මෙම ඉල්ලා අස්වීම සිදු කරන ලෙස ද ඔහුගෙන් ඉල්ලා ඇතැයි ද සඳහන්ය.

දිනේෂ් ගුණවර්ධන ගේ පාර්ශවයෙන් ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාරයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාර්ශවයෙන්ද එවන් ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ බවක් මෙතෙක් වාර්තා වන්නේ නැත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උපසම්පදා උත්සවයට එල්ලවූ විරෝධතාවය . . .

Mon May 15 , 2023
ත්‍රිකුණාමලය ගාන්ධි වෙරළ තීරය අසල දී ඊයේ දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ සියම් උපසම්පදාවේ දෙසිය හැත්තෑ වන සැමරුම් උත්සවය දෙමළ දේශපාලන පක්ෂවල හා යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා නිසා නවතා දැමීමට සිදුව තිබේ. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් කජෙන්ද‍්‍රන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් විසින් මෙම උත්සවය කඩාකප්පල් කර ඇත. මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x