දොස්තර ෂාෆිගේ පෙත්සම ඉවතට . . .

තමන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන්  ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන්  සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

පෙත්සම්කාර වෛද්‍යවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සති දෙකක් ඉකුත් වීමෙන් පසුව බවත් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් කෝටි 40 ක වත්කම් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීම සාධාරණ බවත් ඒ අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට සාධාරණ හේතුවක් තිබූ බැවින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ ප්‍රකාශ කළේය.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නම් කරනු ලැබ ඇත.

  • රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Gmail එකට අලුතින් ආ AI Power එක . . .

Tue May 16 , 2023
Google විසින් Gmail සඳහා නව විශේෂාංගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, අනුව Google I/O 2023 හිදී පරිශීලකයින්ට ඊමේල් ඉක්මනින් සහ වඩාත් පහසුවෙන් ලිවීමට එය උපකාරී වෙනවා. මෙමඟින් Google I/O 2023 හිදී පරිශීලකයින්ට ඊමේල් ඉක්මනින් සහ වඩාත් පහසුවෙන් ලිවීමට උපකාර කරයි. “Help Me Write” නම් නව විශේෂාංගය, මඟින් ඔබට විද්‍යුත් තැපෑලක් ටයිප් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x