කෝටි 120ක හෙරොයින් දකුණු මුහුදේදී අල්ලයි . . .

දකුණු ගැඹුරු මුහුදේ සිට යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 18) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120කට වැඩි ප්‍රමාණයක් මෙම යාත්‍රාව තුළ තිබී ඇති බව කියන නාවික හමුදාව එහි වටිනාකම රුපියල් කෝටි 120කට අධික බව පවසයි.

එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි මෙරට පුද්ගලයන් 6 දෙනෙකු ද ඔවුන් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි බහුදින යාත්‍රා වද නාවික හමුදාව භාරයට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවාවට ලද තොරතුරක් මත ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සැක සහිත යාත්‍රාව නිලධාරීන් විසින් හඳුනා ගනු ලැබ එය සෝදිසියට ලක්කර ඇත. නාවික හමුදාවේ විජයබාහු නෞකාව මගින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර පසුව අල්ලා ගත් හෙරොයින් තොගය සහ සැකකරුවන් කොළඹ වරායට ඊයේ දහවල් රැගෙන විත් ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීමට එක්ව සිටියේ ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Online භාණ්ඩ අලෙවිට අලුත් නීති ගැසට් කෙරේ . . .

Fri May 19 , 2023
ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයට අනුව අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුයි. එමෙන්ම භාණ්ඩයක සත්‍ය ගැණුම් මිල අදාළ භාණ්ඩය සඳහා අන්තර්ජාල වෙළඳ වේදිකාවේ දර්ශනය කර ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x