උතුරේ ආණ්ඩුකාරවරියට ජනතා විරෝධය . . .

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇති ජී.එච්.එම්. චාල්ස් ට විරෝධය පළ කරමින් යාපනය නගර සභාව අසල දී විරෝධතාවක් පවත්වා තිබේ. ආන්ඩුකාරවරිය මීට පෙර වසර තුනක් පමණ උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස සේවය කරන ලද නමුත් එහි දී ඇය ගෙන් පළාතට කිසිදු සේවාවක් සිදු නොවූ බව විරෝධතාකරුවන් පැවසූහ.

ඇය ආණ්ඩුකාර ධුරයට ජනාධිපතිවරයා පත්කර ඇත්තේ දක්ෂකම නිසා නොව ආණ්ඩුවට බලය ආරක්ෂා කර ගැනීමට ඇය ලබාදුන් දායකත්වය වෙනුවෙන් පමණක් බව විරෝධතාකරුවන් කියා සිටියහ.

ආණ්ඩුකාර කාලයේදි ඇය උපයාගත් නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා ඇය අත්අඩංගුවට ගත යුතු බව විරෝධතාකරුවන් තව දුරටත් කියා සිටියහ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චමුදිත සමරවික්‍රම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි . . .

Sat May 20 , 2023
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස  විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගෙන් රුපියල් බිලියනයක අපහාස වන්දි ඉල්ලා ලිපියක් එවා තිබේ. ඔහු විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක් හරහා ඇයට අපහාස වන ආකාරයට සාකච්ඡාවක් සිදු කළේ යැයි එමගින් චෝදනා නගා ඇත. චමුදිත සමරවික්‍රම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් එසේ නොවන්නේ නම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x