G L උසාවි යයි . . .

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

තමන් එම පක්ෂයේ සභාපතිවරයා බවත් පවසන පිරිස් තමන් එම ධුරයෙන් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව බවද කියා සිටී. තමනට සභාපති ධුරයේ කටයුතු කිරීමට බාධා කිරීමෙන් වෙනත් අය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු තවදුරටත් ඉල්ලා ඇත.

මෙම නඩුව සඳහා මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කංසා වගා කිරීමට අවසර . . .

Sat May 27 , 2023
නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීමට විශේෂඥ අවසරය ලැබුණු බව ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි. ආයෝජන මණ්ඩල නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට අවසර ලැබී ඇති බවද හෙතෙම කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. “ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x