ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් . . .

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළ” ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් ” පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

එම කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

වැදගත් සන්නිවේදන රැහැන් පෞද්ගලික සමාගම් සතුවුවහොත් ජාතික ආරක්ෂක සහ රාජ්‍ය ආරක්ෂක මෙහෙයුම් අනතුරට ලක්වී බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් කවර කවර හෝ තීරණයක් ගැනීමට මත්තෙන් ජාතික ආරක්ෂාවට විය හැකි බලපෑම සමාලෝචනය කිරීම වැදගත් බවද වාර්තාව සඳහන් කළේය.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයවීමෙන් පසු නිවැරදි බදු ගෙවීම පැහැර හරිමින් ආයතනය නිත්‍යානුකූල ව්‍යාපාර කටයුතුවලින් බැහැරව වෙනත් ආදායම් ඉපැයිය හැකි තැනකට තල්ලු විය හැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. මෙසේ හෙයින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට කමිටුව නිර්දේශ නොකරන බවද වාර්තාවේ දැක්වේ.

එසේම ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට හෝ ඔවුනට උපකාර කළ කිසිවකුට හෝ අසාදු ලේඛන ගත කර ඇති සංවිධානයකට කිසිදු කොටසක් මිලදී ගැනීමට සහ ජාතික වත්කම් පාලනයට ඉඩ නොදිය යුතු බවද එම වාර්තාව නිර්දේශ කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කළහොත් එහි බහුතර කොටස්වල අයිතිය සහ පාලනය පෞද්ගලික ආයෝජකයන් සතු වන හෙයින් ඔවුන් සිය ලාභය මිස රටේ පැවැත්ම ගැන කල්පනා නොකරනු ඇතැයිද එහි වැඩිදුරටත් දැක්වෙයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී සරත් වීරසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

  • සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවාදැයි සැකයි . . .

Fri Jun 9 , 2023
ජනාධිපතිවරයා විනිසුරුවරු කැඳවා මැතිවරණය පැවැත්වුවහොත් කිසිඳු දේශපාලන පක්‍ෂයකට සියයට 50 ක් ගන්න බෑ කියන එක හරහා අනියම් ආකාරයට බලපෑම් කළේ යැයි සැකයක් මතු වන බවත් ජනාධිපතිවරයා විනිසුරුවන් කැඳවා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද (9) පැවසීය. මැතිවරණ සම්බන්ධයෙන් නඩු ආවම යම් යම් තීන්දු දීලා අපරාදේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x