කෝටි තුනක කොකේන් ගිලූ කාන්තාව . . .

රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 75 ක් පමණ ගිල දමා පැමිණි විදේශීය  කාන්තාවක් පසුගිය (12) වැනිදා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවකි .

ඇය මුලින්ම ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ , එතැන් සිට  ඉකුත් 12 දින පස්වරු 04.00 ට පමණ විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය මෙම කොකේන් මත්ද්‍රව්‍ය උපත් පාළන කොපු තුළ බහා , තවදුරටත් පිටතට කාන්දු වීමක් සිදු වුවහොත් එය වළක්වා ගැනීමට සෙලෝ ටේප් මගින් ද අලවා තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් කාන්තාව , ඇය විසින් ගිල දමා පැමිණි කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර , එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇයට විරේක බෙහෙත් ලබා දෙමින් , එම ගුලි තොගය එළියට ගැනීමට ප්‍රයත්න දරා තිබුණි .

ඇය විසින් ගිල දමා පැමිණි මෙම මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීමෙන් පසු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා මෙම කාන්තාව සමග මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය  කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විශ්ව බුද්ධා අලුත් ඇදුමකින් එලියට එයි . . .

Mon Apr 15 , 2024
විශ්ව බුද්ධා හරියටම මහණ වුණේ සිවුර ගැලෙව්වට පස්සේ යයි එනමින් පෙනී සිට අධිකරණයේ චෝදනා එල්ල වී ශාසනයෙන් නෙරපා හරින ලද පුද්ගලයා සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ තමන් දැන් ගිහියන්ට නිර්වාණය ලබාදෙන බවයි. සිවුර හා සමාන ලෙස පෙනෙන ආකාරයේ වෙනත් ඇඳුමකින් සැරසී ඔහු එම සාකච්ඡාවේ නිරත වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x