අධ්‍යාපන ආයතනයක ලොක්කෙක් ගැන ලොකු විමර්ශනයක් . . .

අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ආයතනයක ඉහළ තනතුරකට ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  පත්ව ඇතැයි පැවසෙන උසස් නිලධාරියකු සම්බන්ධයෙන් විගණන  අංශ විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ.

විගණන  අංශ මේ විමර්ශනය  අරඹා ඇත්තේ ඔහුගේ  අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණනාවක් පදනම් කරගෙනය.

මේ උසස් නිලධාරියා  ඉදිරිපත් කර ඇති ව්‍යාපාර පරිපාලනයට අදාළ පශ්චාත් උපාධි සහතිකය  සම්බන්ධයෙන් එම සහතිකය නිකුත් කර ඇතැයි පැවසෙන විදේශීය විශ්ව විද්‍යාලයෙන් විගණන  අංශ  කරුණු විමසා ඇතත්   ඒ තහවුරු කිරීම් මෙතෙක්  ලබාදී නැතැයි දැනගන්නට ඇත.

එසේම මෙම නිලධාරියා සම්පූර්ණ කර ඇති සේවා පළපුරුද්ද සම්බන්ධයෙන් ඔහු මීට පෙර රාජකාරිය කළ ආයතනයක්  විසින් නිකුත් කරනු ලැබ ඇති   සේවා සහතික දෙකක  වෙනස් තත්වයක්  සඳහන්වීමද විගණන නිලධාරීන්ගේ  බරපතළ සැකයට තුඩුදී ඇත.

මෙම නිලධාරියා කාලයක් ආරක්ෂක අංශයක සේවය කරමින් සිටියදී   කිසියම්දූෂණ  චෝදනාවකට ලක්වී සේවයෙන් ඉවත් කරනු ලැබුවකු බවද   සඳහන් වේ.

මොහු  අධ්‍යාපනයට සම්බන්ධ එම  ජාතික ආයතනයේ ඉහත තනතුරට පත්ව ඇත්තේ මූලික සුදුසුකම් හෝ නොමැතිව ඉල්ලා තිබූ පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් පවා වංචා සහගත ලෙස හුවා දක්වමින් බව පවසන එම ආයතන ආරංචි මාර්ග මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු ඔහුගේ පෞද්ගලික ලිපිගොනු අදාල අමාත්‍යාංශයේ විමර්ශන අංශය බාරයට  ලබාගෙන ඇතැයිද   සඳහන් කළේය.

මේ අතර චෝදනා එල්ල වී සිටින  මේ උසස්  නිලධාරියා හිටි හැටියේම  එම ආයතනයේ වෘත්තීය සමිති දෙකක සභාපති ධූර ලබාගැනීමද කාගේත් විමතියට තුඩුදී ඇති බව වාර්තා වේ.

  • සුජිත් හේවාජුලිගේ


Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලක්ෂ ගානක භාණ්ඩත් එක්ක ගුරුවරියගේ අත්බෑගය අතුරුදන් . . .

Tue Jun 13 , 2023
හොරණ රාජකීය විදුහලේ ගුරු විවේකාගාරය තුළ තිබූ රුපියල් එක් ලක්ෂ තිස්තුන්දාහක් පමණ වටිනා දේපළ අඩංගුව තිබූ ගුරුවරියගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. එම අත් බෑගය තුළ රුපියල් එක් ලක්ෂ විසිදාහක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් 7000 ක් පමණ වටිනා දුරකථනයක් මෙන්ම රුපියල් 6000ක මුදලක් තිබී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x