පතල් බලපත්‍ර දීමේදී බරපතළ දූෂණ රැසක් . . .

භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිකුත් කළ බලපත්‍ර නිසි ක්‍රමවේදයකින් තොරව අන්තනෝමතික ලෙස අවලංගු කිරීමෙන්  විවිධ බරපතළ මට්ටමේ  අක්‍රමිකතා සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත .

බලපත්‍ර නිකුත් කිරීමට  කාර්යාංශයට බලතල ලබාදී ඇතත් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වෙත අයැදුම්පත් යොමුකිරීමෙන්  බලපත්‍ර නිකුත් ගැනීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වයට අභියෝගයට ලක් වන බව පවසමින්  කෝප් කමිටු සාමාජිකයෝ  ඒ පිළිබඳව ආයතනයේ  ප්‍රධානීන්ට  දැඩි කනස්සල්ල පළ කළහ.

කාර්යාංශය සිදුවන සියලු අක්‍රමිකතා සොයා බැලීමට ස්වාධීන නීති නිලධාරියකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර  නියෝග කළේය.

තවද ආයතනයේ සිදුවන කටයුතු සොයා බැලීමට දැනටමත් කෝප් කමිටුව විසින් පත් කරනු ලැබ ඇති අනු කමිටුව ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය උපදෙස් දුන්නේය.

මේ අතර කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම කෝප් කමිටු සභාපති වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීහු පැවසූහ.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය කාර්‍යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ තුන්වැනි අවස්ථාව මෙය වුවද ප්‍රධාන ගැටලු සඳහා නිසි පිළියමක් ලබාදී නොතිබීම පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කළේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය රාජ්‍ය ව්‍යවසායන් අතරින් වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් ලැබී  ඇති ආයතනය බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධාන හෝ කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න


Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සදාචාරයක් නැති මාධ්‍ය විකාශන පනතට බිය විය යුතුයි . . .

Tue Jun 13 , 2023
විකාශන අධිකාරි පනතට සදාචාරාත්මක නොවන අයුරින් මාධ්‍ය හසුරුවන ආයතන බිය විය යුතු බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ පැවසීය. සදාචාරාත්මකව මාධ්‍ය හසුරුවන ආයතනය එම පනතට බියවිය යුතු නැතැයි ද මාරසිංහ කීය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ආශු මාරසිංහ මේ බව සඳහන් කළේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x