අන්තර්ජාලය ඔස්සේ කරන කටයුතු වලටත් නව බද්දක් . . .

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සදහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතානගේ ගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමු වී තිබෙනවා.

වර්තමානයේ දක්නට ලැබෙන සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවතී සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම ළෙඳපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් හෙවත් ගිග් ආර්ථික තත්ත්වය (Gig economy) පිළිබද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී ඇත.

අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදු කරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය.

ඒ අනුව අන්තර්ජාලය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා සම ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා.

වාණිජ බැංකු ප්‍රධානීන්, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතුවල නිරත දේශීය හා විදේශීය සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු දිරිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.

මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බවයි යෝජනා වී ඇත්තේ.

එසේම අන්තර්ජාල ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම් වැඩි වශයෙන් රට තුළට ආකර්ශනය කර ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නගින බදු අභියෝග විසදීම සදහා වන කුළුණු ද්විත්වයේ විසදුම පිළිබද ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට අත්සන් කර නොමැතිව ඇත්තේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර පමණක් බව ද මෙහිදී අනාවරණය වී ඇත.

ඒ සමගම මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබේ.

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව බිලියන 3.2ක් වැය වන බවත් ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

මෙම අවස්ථාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මොහොමඩ් මුසම්මිල්, සංජීව එදිරිමාන්න හා ලලිත් වර්ණකුමාර  එක්ව සිටියහ.

මේ සඳහා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගී වූ අතර සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්, මහ බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB බැංකුව, NDB බැංකුව, ලංකා බැංකුව නියෝජනය කරමින් සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ද සහභාගි සිටියා.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹට එන සුපිරි අමුත්තා . . .

Mon Jun 19 , 2023
අද (19) සිට 22 දක්වා ඉන්දීය නාවික හමුදාවේ ‘වාගීර්’ නම් ඉන්දීය නාවික සබ්මැරීනය කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ 9වන ජාත්‍යන්තර යෝගා දිනය (IDY) සැමරීම සඳහා මෙම සංචාරය සිදු කරන බවයි. මෙහි අරමුණ වන්නේ ‘අසල්වැසිකම ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය සහ ‘කලාපයේ සැමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x