අලුත් පත්වීම් ගත් ‍දොස්තරලා 100ක් ආගිය අතක් නෑ . . .

වෛද්‍යවරුන් ලෙස මේ වසරේ පත්වීම් ලැබූ 1,300 දෙනෙකු අතරින් සිය දෙනෙකුගේ සේවය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අහිමිවී තිබෙන බව වාර්තා වේ. පත්වීම්ලාභී වෛද්‍යවරු 50 දෙනෙකු පමණ පත්වීම් ලිපි භාර ගැනීමට නොපැමිණි අතර තවත් පනහක් පමණ පත්වීම් ලිපි භාර ගෙන සේවයට වාර්තා කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

මෙම රටාව මේ ආකාරයට ගමන් කළහොත් ඉදිරියේදී බරපතළ අර්බුදයකට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගොදුරුවීම කිසිසේත්ම නොවැළැක්විය හැකි බව හෙතෙම අවධාරණය කළේ ය.

අලුතින් වෛද්‍ය සේවයට එක්වන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,000ක් බව ත්, ඒ අනුව ඔහුගේ දිනක වැටුප රුපියල් 2,000කට ආසන්න බව ත් සඳහන් කළ ලේකම්වරයා වෛද්‍යවරයෙකු රුපියල් මිලියන 10ක ණය බැංකුවකින් ලබාගතහොත් පවතින අධික පොළී අනුපාතය නිසා පොළියත් සමග ලක්‍ෂ දෙකක පමණ වාරිකයක් ගෙවීමට සිදුවන බව පෙන්වා දුන්නේ ය.

මෙම තත්ත්වය යටතේ, වෛද්‍යවරයෙකුට නිවසක් ඉදිකර ගෙන විවාහයක් කරගැනීම සිහිනයක් වී ඇති බැවින් අද වන විට වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රැඳී සිටීමට බොහෝ වෛද්‍යවරුන් තුළ බලාපොරොත්තුවක් නැති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ වන විට රට හැර යාම නිසා, හම්බන්තොට, අනුරාධපුර, කන්තලේ, දෙහිඅත්තකණ්ඩිය වැනි රෝහල්වල අංශ වැසීගොස් ඇති බවත් මුලතිව් රෝහල පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ, අසාධාරණ බදු අය කිරීම්වලට වෛද්‍යවරුන් ගොදුරු නොකර, වෙළෙඳපොළ වටිනාකම ගණනය කර වෛද්‍යවරුන්ගේ වැටුප ලබා දීමට කටයුතු කර සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ආරක්‍ෂා කිරීමේ ක්‍රමවේදයකට අවතීර්ණ විය යුතුව ඇතැයි පෙන්වා දුන්නේ ය.

ඔරොත්තු නොදෙන බදු ප්‍රතිපත්තිය හා ආර්ථික පීඩනය නිසා වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විද්වතුන් ගේ‍ෙදාර ඉඩකඩම් විකුණා විදේශගත වීමේ ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවද හෙතෙම සඳහන් කළේ ය.

  • J T De Silva
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ග්‍රීසියේ මුහුදේදී අනතුරට ලක් වූ යාත්‍රාව . . .

Sun Jun 18 , 2023
ග්‍රීසියේ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට තිබේ. ඉන් සිය දෙනෙකු පමණ ළමුන් බව සිද්ධියෙන් දිවි ගලවා ගත් පිරිස් මාධ්‍ය වෙත පවසා ඇත. යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුරක් ලෙස සැලකිය හැකි මෙම අනතුරින් මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 78 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x