කෝටි 65 ක හෙරොයින් රේගුව අල්ලයි . . .

රුපියල් කෝටි 65 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 16193 ක පමණ තොගයක් පාකිස්ථානය කරච්චි නුවර සිට පැමිණි නෞකාවක තිබී ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 

වරාය රේගු පාලන අංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ දීර්ඝ විමර්ශනයකදී එම නෞකාවේ සීත බහලුමක කුටීරයක තිබී මෙම හෙරොයින් තොගය සොයා ගත් බව කී රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ එම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000 බවත්ය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව ක්‍රියාත්මක කරන විමර්ශනයෙන් පසුව අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට බාරදීමට නියමිත බව ද රේගු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාව තවත් ණය වෙයි . . .

Thu Jun 22 , 2023
2023 මුල් කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,858 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙය 2022 වසර අවසානය හා සැසඳීමේ දී 8% ක වැඩිවීමකි. මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 පළමු කාර්තුවෙහි ණය වාර්තාවට අනුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x