රත්තරන් මිල ටික ටික ඉහළට . . .

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ යමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) පැවසූහ.  

ඩොලරයේ අගය දෙපසට දෝලනය වෙමින් තිබෙන මේ දිනවල කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 ත් 156,000 අතර මිලක පවතින බවත් කැරට් 24  රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 170,000 ත් අතර මිලක පවතින බවත් හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ කියති.

ඩොලරයේ අගය අඩු වෙමින් පැවැති පසුගිය සති දෙකකට පමණ පෙර කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 147,000 ක් දක්වා ද, කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබුණි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රජයේ අධිනීතිඥවරියකට පිහි ප්‍රහාරයක් . . .

Sat Jun 24 , 2023
පානදුර ප්‍රදේශයේදී රජයේ අධිනීතිඥවරියකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී  තිබේ. ඊයේ (23) එසේ පහරදී ඇත්තේ, එම නීතිඥවරියගේ පානදුර ප්‍රදේශයේ පිහිටි නිවස අසලදීය. අදාළ පහරදීම සිදුකර ඇත්තේ‍ රජයේ අධිනීතිඥවරිය සමග කලක පටන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය හිටපු හමුදා සෙබළෙකු බව වාර්තා වෙයි. මෑතක සිට ඇය ඔහු මඟහැර යෑම පහරදීමට හේතුවී ඇති බව පොලීසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x