රටපුරා “අයිස්” වැහි වැහැලා

අයිස්  මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙය වාර්තාගත ඉහළ යෑමක් බව පොලිස් ප්‍රධානීහු  පෙන්වා දෙති. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වැඩිදෙනා අඩු වයස්වල අය වෙති.

අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය  සම්බන්ධයෙන් දහඅට දහස් නවසිය පනස් පහකට  පසුගිය වසරේදී නඩු පවරා ඇති අතර ඉන්  වැරදිකරුවන්වූ සංඛ්‍යාවදාහත් දහස් නවසිය පනස් පහක් බව පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

එම වසරේ දී අත්අඩංගුවට ගැනුණු අයිස් මත් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 253 කට ආසන්නය.මේ අතර බාබුල් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන්වූ සිද්ධි 97ක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.මේ අනූ හත්  දෙනාටම  නඩු පවරා ඇති අතර ඉන්  අනූ එක් දෙනෙක් වැරදිකරුවන්වී සිටිති.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෝටල් පුහුණුව ඇත්නම් මගී නැව්වල රැකියා . . .

Sun Jul 30 , 2023
හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවන් දහතුන් දහසකට වෘත්තිය අවස්ථා සැලසීමට ජාත්‍යන්තර නැව් සමාගම් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය සමග එකඟතාවකට පැමිණ ඇත. එම සමාගම් නියෝජිතයන් පිරිසක් පසුගිය සතියේ මෙරටට පැමිණ ඇති අතර සිය මගී නෞකාවල පවතින වෘත්තිය අවස්ථා පිළිබඳව ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමග සාකච්ඡා කර තිබේ. හොටල් කළමනාකරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x