සමනල වැව සිඳී කිංචිගුණේ චෛත්‍යය මතු වෙයි . . .

බලංගොඩ, බෙලිහුල්ඔය ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සමනල වැවේ ජලය විශාල වශයෙන් අඩු වී තිබේ.

සමනල වැව ලංකාවේ ඉතා සුන්දර ජලාශයක් වන අතර, 1987 වැඩ ආරම්භ වී 1991 පමණ වැඩ නිම කර විවෘත කෙරිණි.

සමනල වැව ඉදිකිරීමේදී පෞරාණික කිංචිගුණේ ගම්මානය ද වැව් ජලයට යට වී තිබුණු අතර, මේ දිනවල පවතින දැඩි නියඟයෙන් ජලය සිඳී ගොස් එවකට කිංචිගුණේ ගම්මානයේ පිහිටි පෞරාණික ගංගාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ නටබුන් මතු වී තිබේ.

  • kumudu jayawardna / සුජීව ප්‍රියලාල්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මන්නාරම සුළං බලාගාරය විවෘත කෙරේ . . .

Sun Aug 6 , 2023
මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (06) පෙරවරුවේ බලාගාරය විවෘත කර ඇත. මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x