අඹ සහ පේර ගස් වෙනුවට වැල් . . .

අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව කෘෂි තාක්ෂණය අධි ඝනත්ව වගා ක්‍රමය ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පියවර ගෙන තිබේ.

මේ වනවිට මෙම නව කෘෂි තාක්ෂණය දඹුල්ල වෑවල ප්‍රදේශයේ පිහිටා ඇති කෘෂිකාර්මික උද්‍යානයේ ( A Park- Agricultural park) සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ගොවීන් විශාල පිරිසක් දැනට මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් අඹ හා පේර වගාව ආරම්භ කර තිබේ.

අඹ හා පේර ගස් වෙනුවට ඒවා වැලක් වශයෙන් පවත්වාගෙන යාම සහ කප්පාදු සිදු කිරීම මෙම තාක්ෂණයයි.

අඩු බිම් කොටසක වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කිරීම මෙහි අරමුණයි.

සාම්ප්‍රදායික අඹ හා පේර වගාවේ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළ ද මෙම වගා ක්‍රමය තුළ අක්කරයකට අඹ පැළ 560ක් හා පේරපැළ 1120ක් රෝපණය කළ හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලාදුරු අවදානම ඉහළට . . .

Wed Aug 9 , 2023
මේ වසරේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එම කාර්යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ, මධ්‍යම ලාදුරු සායනයේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක පවසා සිටියේ, මේ වනවිට රෝගීන් 127ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවය. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x