කොළඹ ජාතික රෝහලේ ශ්‍යල්‍යාගාර අනතුරේ . . .

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකකවල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා පිටස්තර සුළු සේවකයන් යොදාගැනීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇතැයි එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු පවසති.

ශල්‍යකර්මවලින් පසුව සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝගීන් විවිධ අසාධන තත්වයන්ට පත්වීම ඉහළ ගොස් ඇති වාතාරණයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරියෙක්ගේ අනුදැනුම යටතේ එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත් ශූද්‍ර ජීවි අංශයේ සහ ආසාධන පාලන ඒකකයේ වාර්තාවලින් එම තත්වය තහවුරු වී ඇති බවත් විශේෂඥා වෛද්‍යවරු කියති.

මෙම තත්වය ළමා රෝහලේ හෝ වෙනත් ප්‍රධාන රෝහල්වල දකින්නට නොලැබුණත් මෙරට ප්‍රධාන රෝහල වන ජාතික රෝහලේ තත්වය පිළිබඳව විශ්මයට පත්වන බව කියන විශේෂඥා වෛද්‍යවරු වැසිලිකිලි, කාණු, වැසිකිළි වළවල් ඇතුළු අපවිත්‍ර ස්ථානවල ගැවසෙන සේවකයන් ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක පිරිසිදු කිරීම යෙදවීම හොඳ තත්වයක් නොවන බව ද සඳහන් කරති.

මෙම තත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව ද එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු වැඩි දුරටත් සඳහන් කරති.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරයි . . .

Wed Aug 9 , 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර ලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු සඳහා අදාළ වන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.  එහි දැක්වෙන්නේ, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x