අර්බුදයට හේතුව නායකයන් පසුබට වීමයි . . .

මෙතරම් දරුණු අර්බුදයක් ඇති වූයේ ආර්ථිකයට අදාළ නිවැරදි තීන්දු ගැනීමට  දේශපාලන නායකයන් පසුබට වීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රටේ ආර්ථිකය කිසිදා නොවූ විරූ අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස  ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සොයා බැලුවේ නැතැයි ද ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුයේ යැයිද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම  පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක බවද ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉම්රාන් ඛාන් හිරේ දමා පාර්ලිමේන්තුව විසුරුවයි . . .

Thu Aug 10 , 2023
පසුගියදා පකිස්තානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින් සිරගත කළ අතර වත්මන් අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් මත එරට ජනාධිපති අසීෆ් අලී විසින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. මහ මැතිවරණය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට සූදානම් වන නුමත් එරට මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැතිවරණය තවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x