සූර් රියැදුරන් හඳුනාගන්න පොලිසිවලට වෛද්‍යවරු . . .

බීමත් රියැදුරන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියැදුරන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෑම පොලිස් ස්ථානයකටම නේවාසික වෛද්‍යවරයකු පත් කිරීමට අවධානය යොමුව ඇත.

බීමත් රියැදුරන් පරික්ෂා කරන ඇල්කොවයිසර් යන්ත්‍ර සහ කෙළ සාම්පල ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතා කළ රියැදුරන් හඳුනා ගැනීමේ කට්ටල පොලිස් ස්ථානවල හිඟ වීම මත මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය මේ කෙරෙහි අවධානය යොමුව තිබේ.

එවන් වැරැදිවලට හසුවන රියැදුරන් රෝහල්වෙත රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර වෛද්‍ය වාර්තා ලබා ගැනීමට පොලිසියට සිදුව තිබීමත් ඇතැම් පොලිස් ස්ථාන රෝහල්වල සිට වැඩි දුරකින් පිහිටා තිබීමත් මත ගැටලු සහගත තත්ත්වයක් පවතින බව උසස් පොලිස් නිලධාරීහු මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමගින් ද සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර රිය අනතුරු හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

පොලිසිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් ඒකාබද්ධව මෙම පියවර ගෙන ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලෝක විවාහක රූ රැජින ලංකාවට . . .

Sat Sep 9 , 2023
ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින , ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . මෙම තරගාවලියේ අවසාන මහා තරගය මෙම 13 වැනි දින සවස 06.00 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x