කොටින්ගේ රන් හොයන්න ගිහින් මාට්ටු . . .

තිස් වසරක යුද්ධය පැවති සමයේ  කොටි  සංවිධානය විසින් සඟවා ඇතැ යි කියන රන්, මුදල් හා අවි ආයුධ  සෙවීම සදහා  අති නවීන පන්නයේ  ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි සිව් දෙනෙකු කතකපුරම් මහවිරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .

පොලිස් විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට මෙම වැටලීම සිදු කර ඇති අතර , විදේශිය නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් කාර් රථයකින් රැගෙන යමින් සිටි මාදම්පේ, මහනුවර, නාත්තණ්ඩිය, මිද්දෙනිය ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් 58 ත් අතර පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ  අතර ජර්මනියේ නිෂ්පාදිත  ඇන්ටනා, බැටරි, බැටරි චාජර්, කොටස් ඇතුලත් ස්කෑනර් යන්ත්‍රයක් නවීන මෝටර් රථයක් ඇතුළු දේපළ ද මෙම සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

  • පුෂ්පකුමාර මල්ලවආරච්චි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැලිකඩ බන්ධනාගාර ඉඩමට බිලියන 32ක තක්සේරුවක් . . .

Fri Aug 11 , 2023
  වැලිකඩ බන්ධනාගාරය පවතින ඉඩම ආයෝජකයකුට දීම සඳහා රුපියල් බිලියන 32ක තක්සේරුවක් කර තිබෙන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න  පාර්ලිමේන්තුවේදී පැවසීය. එලෙස ලැබෙන  මුදලින් කොටසක් යොදාගෙන හොරණ ප්‍රදේශයේ බන්ධනාගාරය ඉදිකර ඉතිරි මුදල භාණ්ඩාගාරයට ලබා දෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් තීන්දුව ගෙන  අවසන් බව සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x