චීන ජාතිකයාගේ ව්‍යාජ මංකොල්ලය මාට්ටු . . .

චීන ජාතිකයෙක් ඔහුගේ නිවස නාඳුනන පුද්ගලයන් විසින් පසුගිය 19 වැනිදා මංකොල්ලකා ඇති බව බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. කෝටි 4 ක මුදල් සහ දේපළ මෙම පිරිස  විසින් මංකොල්ලකා ඇති බව පැමිණිලිකරුවන් කියා සිටියේය.

කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කොළඹ දකුණ විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ මෙම මංකොල්ලය පැමිණිලිකරු වන චීන ජාතිකයා විසින් මෙහෙයවන ලද ව්‍යාජ මංකොල්ලයක් බවයි.

චීන ජාතික සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මොහු ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවෙක් බවයි. මෙම පුද්ගලයා පෝට් සිටියේ ව්‍යාපාරයක් කරන බව හඟවමින් ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමේ යෙදෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

මෙම සැකකරුට කොළඹ ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස 7ක් තිබෙන බවත්, ප්‍රශ්න කිරීමේදී පිරමීඩ ජාවාරම මෙහෙවන ස්ථානය වැටලීමට තැත්කිරීමේ දි එම ජාවාරම්කරුවන් ඒ වන විටත් පලාගොස් ඇති බව වාර්තා වේ.

සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී දුම්වැටි 30000 වැඩි ප්‍රමාණයක්, ජංගම දුරකථන 20ක් ලැප්ටොප් යන්ත්‍ර 7ක් අත්අඩංගුවට ගනු ලැබීය.

විමර්ශනවලදී මේ වන විටත් චීන ජාතික සැකකරුවන් දෙදෙනෙක් සහ ලාංකික සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩුබායි රටේ සැඟවී ඝාතන කොන්ත්‍රාත් දෙන 25ක් . . .

Sat Aug 26 , 2023
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 25 දෙනෙකු පමණ එම රටේ සිට මුදල් කොන්ත්‍රාත් ලබා දෙමින් මෙරට විවිධ අපරාධවල නියැළී සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන් ම, මොවුන් විසින් සිදු කරනු ලබන වෙඩි තැබීම් සඳහා තරුණ තුවක්කුකරුවන් යොදා ගැනීම ද මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ උපක්‍රමය වී ඇති බවද එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x