ඩුබායි රටේ සැඟවී ඝාතන කොන්ත්‍රාත් දෙන 25ක් . . .

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 25 දෙනෙකු පමණ එම රටේ සිට මුදල් කොන්ත්‍රාත් ලබා දෙමින් මෙරට විවිධ අපරාධවල නියැළී සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන් ම, මොවුන් විසින් සිදු කරනු ලබන වෙඩි තැබීම් සඳහා තරුණ තුවක්කුකරුවන් යොදා ගැනීම ද මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ උපක්‍රමය වී ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෑතකදී දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ සිදුකළ වෙඩි තැබීම් සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිරීම් සියල්ල ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින පුද්ගලයන් විසින් මෙහෙයවනු ලැබ ඇති බව ත්, ඒ සඳහා යොදා ගන්නා තුවක්කුකරුවන් මුදල් ගෙවීමේ කොන්ත්‍රාත්තු මත තෝරා ගන්නා නවකයන් බවත් පෙනී ගොස් තිබේ.

එමෙන් ම, හමුදාවේ අවි පුහුණුව ලැබූ නවකයන් තෝරා ගැනීමට මෙම කොන්ත්‍රාත්තු ලබා දෙන්නවුන් ක්‍රියා කරන බවත් විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

කෙසේ වෙතත්, ඩුබායි රාජ්‍යයේ රැඳෙමින් මෙරට මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීම් මෙහෙයවන පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ද ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

ඝාතන මෙහෙයවන්නේ මෙලෙස තරුණ වියේ පසුවන තුවක්කුකරුවන් මුදල් කොන්ත්‍රාත් ක්‍රමයට යොදා ගෙනය.

මෙම ඝාතන සඳහා යොදා ගන්නා තුවක්කුකරුවන්ගේ තොරතුරු ආරක්‍ෂක අංශ සතුව නොමැතිවීමත් ඔවුන් එකිනෙකා නොහඳුනන පුද්ගලයන් වීමත් නිසා මේ ඝාතකයන් හඳුනා ගැනීම අපහසුවී ඇති බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය.

  • keerthi mendis
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 10,000 ආභරණ උකස් පොළට . . .

Sat Aug 26 , 2023
අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලින් පැවසේ. ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කළේය. අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x