ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට . . .

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව අද (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ.

ජනවාරි සිට ජුලි මාසය හා සංසන්ධනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 4,536 දෙනෙකු පමණි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එම සංඛ්‍යාව 13,053ක් බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 12,963 දෙනෙකු, මහනුවරින් රෝගීන් 4,976 දෙනෙකු සහ කළුතරින් ඩෙංගු රෝගීන් 3,949 දෙනෙකු වාර්තා වී තිබේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චීන ජාතිකයාගේ ව්‍යාජ මංකොල්ලය මාට්ටු . . .

Sat Aug 26 , 2023
චීන ජාතිකයෙක් ඔහුගේ නිවස නාඳුනන පුද්ගලයන් විසින් පසුගිය 19 වැනිදා මංකොල්ලකා ඇති බව බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. කෝටි 4 ක මුදල් සහ දේපළ මෙම පිරිස  විසින් මංකොල්ලකා ඇති බව පැමිණිලිකරුවන් කියා සිටියේය. කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කොළඹ දකුණ විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ මෙම මංකොල්ලය පැමිණිලිකරු වන චීන ජාතිකයා විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x