ගෙවල් නැති මන්ත්‍රී 18 කට කෝටියක් ගෙවලා . . .

මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස වලින් නිවාස නොලැබුණු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18  දෙනකුට  රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක මුදලක්  ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මන්ත්‍රීවරුන් දස දෙනෙකුට 2021 වර්ෂයේදී රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක මුදලක්ද මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට පසුගිය වසරේදී  රුපියල් හතළිස් අට ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්ද  මෙසේ ගෙවා තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව නිවාස නොලැබුණු  මන්ත්‍රීවරයකු සඳහා මාසිකව ගෙවා ඇති මුදල  රුපියල් 75000 කි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු නිලධාරියකු පැවසුවේ  ඉඩකඩ ප්‍රශ්නය හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස දීමට නොහැකිවූ බවයි.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු  නිලධාරීන් පිරිසක්ද රැඳී සිටින බව වාර්තා වේ.

මේ අතර මාදිවෙල නිල නිවාසවල  ජල විදුලි සහ දුරකතන බිල්පත් සඳහා තැන්පතු ලෙස අයකරනු ලබන රුපියල් 1000 ක මුදල කාලීනව සමාලෝචනය කර සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණු බව  විගණන වාර්තාවේ දැක්වේ.

තවද රජයේ බංගලා ලබාගත්  අමාත්‍යවරුන් තිදෙනකු  මේ වසරේ මැයි 16 වැනිදා වනවිටත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ආපසු බාර දී නොතිබුණු බවද  ජාතික විගණන කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්දී තිබු නිල නිවාසය  සඳහා  ගෙවිය යුතු  නිවාස කුලියවූ රුපියල් 27,000  කට වැඩි මුදලක් ඔහුගේ මන්ත්‍රී දීමනාවෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද  වාර්තාවේ දැක්වේ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාව - ඉන්දියාව යා කරන පාලමට ජනතා කැමැත්ත ඕනේ . . .

Mon Aug 28 , 2023
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ඉන්දියාවෙන් අපේ රටට ප්‍රශ්න ඕනෑ තරම් ඇති බවත් ඔවුන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි යැයි බලකළ බවත් අගරදගුරුතුමා කීහ. මැල්කම් කාදිනල් රංජිත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x