අවුරුදු 15 ක දැරියක් දරුවෙකු බිහිකරයි . . .

බාලවයස්කාර දැරියෙකුට දරුවෙකු ලැබීමේ සිදුවීමක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදි එය සැඟවීමට කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයෙකු කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

දරුවා බිහිකළ අවුරුදු 15ක් වයසැති මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණය වී තිබෙන්නේ.

එම දැරිය ගැබ්ගෙන ඇත්තේ අවුරුදු 14 දී වන අතර ඇය විසින් බිහිකළ දරුවා අඩු බර දරුවෙකු වන බැවින් කිසියම් සංකූලතාවයක් හේතුවෙන් කරාපිටිය රෝහලේ ළමා ඒකකයට යොමුකර ඇත්තේ පෙර සඳහන් කළ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා විසින් බවයි පැවසෙන්නේ.

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳා සහ මව පිළිබඳ ඇති වු සැකය මත රෝහල් කාර්ය මණ්ඩලය විසින් මව පිළිබඳව රෝහල් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් තිබේ.

මව පිළිබඳව ළමා ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම්දිය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදුකරමින් සිටිය දී අදාළ වෛද්‍යවරයා පැමිණ, එවැනි දැනුම්දීමක් ළමා ආරක්ෂණ අධිකාරියට සිදුකළ යුතු නොවන බව පවසා තර්ජනය කර තිබෙන බවද වාර්තාවේ.

පසුව බාලවයස්කාර දැරිය තමන්ගේ රෝගියෙකු බවත් පවසා අදාළ විශේෂඥ වෛද්‍යවරයා මව සහ බිළිඳා වාටුවෙන් බලහත්කාරයෙන් ඉවත් කරගෙන ගොස් ඇත.

එවැනි තීරණයක් ගැනීමට එම වෛද්‍යවරයාට නීතිමය අයිතියක් නොමැති බවයි රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට රෝහල් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

  • Aruna

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මීරිගමින් ගිනි අවි කම්හලක් මතුවේ . . .

Tue Aug 29 , 2023
කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් විකිනීමේ හා කුලියට දීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපලක් එසේ සැකසූ ගිනි අවි හා උණ්ඩ ඇතුළු දේපල රැසක් සමග අද කල්එළිය ඩන්කන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය  කියයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x