මිනිකූපරයක් ත්‍රීවීලරයක් කරයි . . .

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ව්‍යාජ ලේඛන යොදා 2007 වසරේදී මෙරටට ගෙන්වන ලද ‘මිනිකූපර්’ වර්ගයේ මෝටර් රථයක් ත්‍රිරෝද රථ පොතකට ලියාපදිංචි කර රජයට රුපියල් ලක්‍ෂ 25ක බදු ආදායමක් අහිමි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත දැන්වීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම මෝටර් රථය එම කොමිෂන් සභාව භාරයට ගෙන ඇති බව ද අධිකරණයෙන් හෙළි විය.

මේ සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශන සඳහා එම මෝටර් රථය රේගුව භාරයට පත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස එම කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අදාළ මෝටර් රථය රේගුව වෙත භාර දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

වාහන අමතර කොටස් ආනයන සමාගමක් විසින් මෙම මෝටර් රථය ගෙන්වනු ලැබ ඇති බව ද අධිකරණයෙන් හෙළි විය.

  • kumudu upul shantha
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට . . .

Wed Aug 30 , 2023
ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක වෙත පැමිණ තිබේ. මේ අතර ඉන්දීය කණ්ඩායමේ පැමිණීමත් සමග දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරු පැවසීය. ඔවුන් අද පස්වරුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x