නාවික හමුදා භාරයට පත් වූ ඉන්දීය ධීවරයින් . . .

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමග ඉන්දීය ධීවරයන් 17 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා නාවික හමුදාව ඊයේ (13) වන දින සවස් කාලයේ සිදු කළ මෙහෙයුමකදී මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හි මෙම විශේෂ මෙහෙයුම සිදු කර තිබේ.

එහිදී මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදෙස්ගත විශ්‍රාමිකයන් 1061කගේ පෙන්ෂන් නවතී . . .

Thu Sep 14 , 2023
මෙම වර්ෂයට (2023) අදාළ වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් විදේශගත විශ්‍රාමිකයන් එක්දහස් හැට එක්දෙනකුගේ (1061) විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇත. විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සඳහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට විශ්‍රාම වැටුප් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x