රාජිතගේ විදෙස් ගමන් තහනම ඉවතට . . .

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට පණවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (14) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවන ලදී.

එහිදී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ත ඉල්ලා සිටියේ තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන නියෝගයක් නිකුත් කරන ලෙසටය.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධ නොවූයේය.

ඒ අනුව අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා ඒ බව ආගමන හා විගමන බලධාරීන්ට දැනුම් දෙන ලෙසත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රට තුළින් ආ සුනාමියෙන් 20,000ක් මරණයට . . .

Thu Sep 14 , 2023
ලිබියාවේ දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසයි. ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව නිසා වේලි දෙකක් කැඩී යාම සිදු වූ අතර, එහි දී මුහුදට ආසන්න නගර කිහිපයක් විනාශ විය. එම නගරවල ජීවත් වූ විශාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x