රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මාසයේදී රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටි පුද්ගලයන් 6 දෙනෙකු නිදහස් කළ අතර ඉන් 4 […]

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව […]

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල නිසා අනාගතයේදී මෙරට ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් සියයට 45 ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට […]

මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවය. භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබේ. […]

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවලිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 15යි පන්දු 2කදී ලකුණු 50කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාජ් කඩුළු 6ක් දවා ගැනීමට සමත් විය. හර්ඩික් පාණ්ඩ්යා දවා […]

‘ඇමෙරිකන් එක්ස් එල් බුලි’ American XL Bully නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, මෙම තීරණය ගෙන ඇත්තේ මෙම සුනඛයන් දැඩි ප්‍රචණ්ඩකාරී බැවිනි. බ්‍රිතාන්‍යයේ ද ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully සුනඛයන්ගේ ප්‍රහාරයට ලක් වුණු සිදුවීම් රැසක් වාර්තා වී ඇත. එසේ […]

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී  වෙඩි තබා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලීසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි […]

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට  එක්වූ ඇය 1981 වර්ෂයේ  සහන නිවේදිකාවක ලෙස නිවේදක මණිඩලයට එක්වූවාය. ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර  ඇය […]

වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි හිටපු කතානායක කරු ජයසූරිය ජේ.ආර් ජයවර්ධන 117 වන ජන්ම දින සමරුම් උත්සවයේදී ඊයේ (17) පැවසීය. කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී මෙම සැමරුම පැවැත්විණි. අතර එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය විසින් සිදු කළේය. ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල […]

උපවාසයකින් මිට වසර 36 කට පෙර මියගිය බව කියන තිලිපන් නැමැති අය සමරමින් තිලිපන්ගේ විශාල ඡයාරැපයක් රැගෙන අද (17) ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සර්ධාපුර හරහා උතුරට ගමන් ගත් රථ පෙලපාලියකට ප්‍රදේශ වාසින් පහර දිම නිසා එම ප්‍රදේශය යුද පිටියක් විය. තිලිපන්ගේ රුව තබා සරසන ලද කැබ් රථයේ නැගි ගිය යාපනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.