ජේ.ආර් 117 වන ජන්ම දින සමරුම . . .

වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි හිටපු කතානායක කරු ජයසූරිය ජේ.ආර් ජයවර්ධන 117 වන ජන්ම දින සමරුම් උත්සවයේදී ඊයේ (17) පැවසීය.

කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී මෙම සැමරුම පැවැත්විණි. අතර එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය විසින් සිදු කළේය. ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජේ.ආර්. ජයවර්ධන ගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන විසින් කරු ජයසූරිය වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බැවින් ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවිඩයක් යොමු කර තිබිණි.

එම පණිවිඩය ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන ලේකම් ජනරාල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. චාමිකා මුම්මුල්ලගේ විසින් සභාවට ඉදිරිපත් කළාය. කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, ආනන්ද කුලරත්න, එජාප ප්‍රතිපත්ති හා පර්යේෂණ කමිටුවේ සභාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, හිටපු ඇමතිනි සහ දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (දේශපාලන කටයුතු) ෂමල් සෙනරත්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ. පී. දයාරත්න, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යූ. ජී. ඒ. පුස්වෙවල, ජේ ආර් ජයවර්ධන ගේ මුණුපුරන් වන රුක්ෂන් ජයවර්ධන, අම්රිත් ජයවර්ධන  ද සැමරුමට එක්ව සිටියහ.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රම්‍යා ශ්‍රියාණි පතිරණ අභාවප්‍රාප්තවේ . . .

Mon Sep 18 , 2023
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට  එක්වූ ඇය 1981 වර්ෂයේ  සහන නිවේදිකාවක ලෙස නිවේදක මණිඩලයට එක්වූවාය. ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර  ඇය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x