අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසි බස විය යුතුයි . . .

රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසි බසින් බව ත් විපක්ෂ නායක ලෙස එය කීමට තමා බිය නොවන බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උඳුගොඩ අර්ෆා විදුහලේදී ඊයේ (ඔක්. 26) පැවසීය.

තමා සුහුරු රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවන බව ත් මේ වෙනුවෙන් රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය පදනම් කර ගත් සුහුරු අධ්‍යාපනයක් විය යුතු බව ත් ඔහු කීය.

මේ වෙනුවෙන් පාසල් 10,126 ම සුහුරු පාසල් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ය.

තොරතුරු තාක්ෂණය වැනි විෂයයන් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගැනීම ප්‍රායෝගික නොවන බව ත් මේ සඳහා ඉංග්‍රීසි යොදා ගැනීම ලොව ජය ගත හැකි පුරවැසියන් බිහි කිරීමට හේතු වන බව ත් ඔහු කීය.

රට බංකොලොත් වී ඇති බැවින් මේ මොහොතේ හෝ ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කර ගෝලීය පුරවැසියන් බිහි කිරීම ඇරඹිය යුතු යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෝර්ටන් තැන්නට පිවිසෙන්න නව මාර්ගයක් . . .

Fri Oct 27 , 2023
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයගම හරහා හෝටන් තැන්න වෙත පිවිසෙන නව පිවිසුම් මාර්ගයක් හෙට (28) සිට විවෘත කිරීමට නියමිතයි. වනජීවී හා වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් නව මාර්ගය විවෘත කිරීමට නියමිතයි. සංචාරකයින්ට ඇවිදීමට සහ බයිසිකල් පැදීමට මෙම මාර්ගය ප්‍රධාන වශයෙන් භාවිතා කළ හැකි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x