ඡන්දය පෙනි පෙනී වැට් වැඩි කළේ සිතකින් නොවේ . . .

පසුගිය සඳුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේදී වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් ‍ෙදාස් කියන නමුත් රජය මෙම තීරණය නොගත්තේ නම් රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඕනෑ ම ආණ්ඩුවකට හෝ මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙවැනි දුෂ්කර තීරණයක් ගැනීම අසීරු කටයුත්තක් බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, කනගාටුවෙන් වුවද ඉන්දියාව, පකිස්තානය යන රටවල තිබෙන තත්ත්වයට බදු ප්‍රතිශත ගෙන ඒමට සිදු වූ බව ත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත් තීන්දුවක් බව ත් ඔහු කීවේ ය.

කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය දා (නොවැ. 1) සංවිධානය කර තිබූ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල-2023 අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.

ලබන වසරේ අය-වැයෙන් ණය සහ පොළිය ගෙවීමට සැලකිය යුතු කොටසක් වෙන් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. මෙම ණය නොගෙවා සිටියහොත් නැවත පැරණි තත්ත්වයට රට පත් වනු ඇති බව ත්, ඒ අනුව රුපියල ආරක්ෂා කර ගෙන ණය ආපසු ගෙවීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය. ජනතාවගේ ‍දෝෂාරෝපණයට ලක්විය හැකි නමුත් රට වෙනුවෙන් මෙවැනි අසීරු තීරණ ගැනීමට සිදුවන බව ත්, නායකත්වය යනු, ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් එවැනි නිවැරදි තීරණ ගැනීම බව ත් පැවසූ වික්‍රමසිංහ ඒ සඳහා තරුණ නායකත්වය පුරුදු පුහුණු විය බව ද ප්‍රකාශ කළේ ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අඩු මිලට පාසල් පොත් . . .

Fri Nov 3 , 2023
ඊයේ (02) සිට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ. ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න පැවසුවේ. “සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x